Subscribe Us

Header Ads

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.

මේක Android ගැන නන් නෙමෙයි. ඒත් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් 😃

ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක් ⤵

ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා 😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා 😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා 😃
 මෙතනින් යන්න
Company කාරයන්ට ඔයාලගෙ සල්ලි ගසාකන්න ඉඩදෙන්න එපා ❎ තමන්ගෙ අයිතීන් ගැන දැනුවත් වෙලා ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න 😊 ඔය Link එක bookmark 📑 කරලා තියාගන්න. කවදහරි ඕන වෙයි 😃
ඉතින්, හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා 👑

Post a Comment

0 Comments