අද post එක Phishing ගැන 😊
ඊට කලින් දෙයක් කියන්න තියනවා ⤵
Phishing කරන රිලව් ටික හිතන් ඉන්නෙ උන් හෙන hackers ලා කියලා 😏
පව් ඉතින්, පොඩි උන්ගෙ ආසාවනේ 😂😂
හරි, post එක පටන් ගමු 😊
මොකක්ද මේ phishing....?
Phishing කියන්නෙ අපිව ගොනාට අන්දවලා අපේ accounts වල password හොයාගන්න ක්‍රමයක්. උදාහරණයක් විදියට fb ගමු.
මට ඔයාගෙ fb account එකේ password එක හොයාගන්න ඕන. ඉතින් මම ඒකට phishing පාවිච්චි කරනවා. මම fb login page එක වගේම page එකක් හදලා ඔයාට ඒකේ link එක එවනවා. මම ඔයාට කියනවා මේ link එකේ ඔයාගෙ photos ටිකක් තියනවා ගිහින් බලන්න කියලා. ඉතින් ඔයත් ඒකට ගිහින් email & password දීලා log වෙන්න try කරනවා. එතකොට මට ඔයාගෙ email & password බලාගන්න පුළුවන්. මොකද ඒ webpage එක හැදුවෙ මම නිසා. ඉතුරු ටික හිතාගන්න පුළුවන්නෙ.
දැන් බලමු phishing වලට අහුනොවී බේරෙන්නෙ කොහොමද කියලා.
😃 ගොඩක් වෙලාවට මේක වෙන්නෙ අර මම කිව්ව විදියට photos තියනවා කියලා link එකක් එවලා. ඒ නිසා අදුරන්නෙ නැති අය එවන link වලට යන්න එපා. ගියාට කමක් නෑ. හැබැයි email & password නන් දෙන්න එපා.
😃 fb එද්දි හැම තිස්සෙම play store එකේ තියන fb app එක හෝ lite app එක පාවිච්චි කරන්න. Web browser එකක් පාවිච්චි කරනවා නන් හොඳ පිළිගත් browser එකක් පාවිච්චි කරන්න.
😃 "Data අඩුවෙන් කැපෙනවා, data කැපෙන්නෙ නෑ" වගේ කතා කියලා එක එක අය දෙන apps පාවිච්චි කරන්න එපා. Data charges නැතුව free පාවිච්චි කරන්න පුළුවන් fb app හෝ web browser මේ ලෝකෙ නෑ
😃 ඔයාලගෙ තියන accounts වල two step verification හැමතිස්සෙම පාවිච්චි කරන්න. මේකෙදි ඔයාලා account එකට log වෙන්න email & password ගැහුවම ඔයාලගෙ phone එකට sms එකකින් code එකක් එනවා. ඒ code එකත් ගැහුවම තමයි log වෙන්න පුළුවන්.
Fb වල 2 step verificatoin වලට මෙහෙම යන්න ⤵
Account settings > security > login approval
Google වල 2 step verification වලට මෙහෙම යන්න ⤵
Open Google settings app > sign in & security > signing in to Google > two step verification
😃 හැම account එකකටම strong password එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නෙ,
simple letters, capital letters, function marks, numbers ඔය හැම එකකින්ම සමන්විත password එකක්.
😃 ඔයාලගෙ password කාටවත් කියන්න එපා. ඔයාලා යාළුවො කියලා හිතන් ඉන්න අයම ඔයාලට කෙළවන්නත් පුළුවන්.
😃 Microsoft, Google & Facebook වල හැම webpage එකකම URL එකේ ඉස්සරහින් https කියලා තියනවා. http කියලා තියනවා නන් ඒක phishing link එකක්. තව faceb00k කියලා ඕ වෙනුවට බිංදුව පාවිච්චි වෙන phishing site එකක් තියනවා. ඒකෙන් පරිස්සම් වෙන්න.
😃 මේ යට link එකේ තියෙනවා ලෝකෙ වැඩිපුරම පාවිච්චි වෙන password මොනවද කියලා. ඒවා ඔයාලා පාවිච්චි කරන්න එපා.
මෙතනින් බලන්න
😃 ඔයාලා ගිය link එකක් හෝ app එකක් ගැන ඔයාලට සැක හිතුණොත් ඉක්මනට ගිහින් ඔයාගෙ password එක වෙනස් කරන්න.
😃 Additional help 😃
ඔයාලට මොකක් හරි app එකක් හෝ link එකක් ගැන සැක හිතෙනවා නන් මට msg එකක් දාන්න. මම ඒක chech කරලා කියන්නන්.
තවත් මේ වගේ Post එකකින් හමු වෙමු 😃

0 Comments