KingRoot Malware
මේක බොහොම අවධානෙන් කියවන්න.
මේකාලේ ගොඩක් අය තමංගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක රූට් කරගන්න පාවිච්චි කරන එක ක්‍රමයක් නේ කින්ග් රූට් ඇප්ලිකේශන් එක පාවිච්චි කරන එක.
මේකෙ වෙන්නේ Android Os එකේ තියන බග් එකක් පාවිච්චි කරලා Root Access අරගන්න එක. මේදේ කරන ඇප් ගනනක් තියෙනව. Kingroot, Kingoroot, OneclickRoot ඔය වගේ.
මේ හැම එකම එන්නේ ෆ්‍රී.
ඔච්චර කරන්න අමාරු දෙයක් කරන ඇප් එකක් නිකන් දෙනවා කියන්නේ ටිකක් අමුතු වැඩක්.
මුල් කාලේ කින්ග් රූට් එකේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒකෙන් රූට් කරන්න පුළුවන් උනේ ෆෝන් මොඩල් කීපයක් විතරයි. ඒත් ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාස්මෙලෝස් ආවම ඒකේ තිබ්බ බග් එකක් නිසා 80%ක් ෆෝන් මේකෙන් රූට් කරන්න පුළුවන් උනා.
ඔන්න එතකොට තමා අවුල පටන් ගත්තේ.
කින්ග් රූට් එකෙන් රූට් කලාම Super User Access පාලනය කරන ඇප් එක උනෙත් Kingrootමයි. මේක සෑහෙන්න ස්ලෝ එකක්. අනික හිටපු ගමන් රූට් ඇක්සස් නැතිවෙනවා.
ඒනිසා සමහරු ඒඇප් එක අයින් කරලා එවෙනුවට සාමාන්‍ය SuperSu එක දාගත්තා. හැබැයි දැන් ඒක කරන්නත් නෑ. ඒකෙ තේරුම තමා Kingroot ඇප් එක අයින් කරන්න බෑ. අයින් කලොත් Super User ඇක්සස් නැතිවෙනවා.
අනිත් ප්‍රශ්නේ තමා මේකෙන් අපේ අවසරේකින් තොරව ඇප් ඩවුන්ලෝඩ් වෙනවා. සමහර දවසට පහ හය ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා. මේක නවත්තන්නවත් බෑ.
අනික මෙ සමහර ඇප් Adware. ඒකිව්වේ ඒ ඇප් එකෙන් අපේ ෆෝන් එකේ හැම තැනම ඇඩ් පෙන්නනවා. ලොක්ස්ක්‍රීන් එකේ පවා සමහර විට.
අනිත් එක තමා SU ඇක්සස් ගන්න ඕන කරන්න සිස්ටම් එක ඇතුලට දාන ෆයිල් එකට අමතරව මේකෙන් අමුතු විදිහේ ෆයිල් ගානක් ඉන්ස්ටෝල් වෙනවා. (20~50MB) හැබැයි මේව මොනාද කියලා දන්නේ නෑ එන්ක්‍රිප්ට් කරලා නිසා.
මේ ෆයිල් වල මොනවා තියනවද කියලා ඕක හදපු උන් තමා දන්නේ.
මට සැකයි මේකෙන් අපේ කීබෝඩ් වලින් ගහන Input Record කරනවා කියලත්. අපේ පෞද්ගලික දත්ත ගන්න එක Su Permission තියන ඇප් වලට සිම්පල් වැඩක්.
විශේෂයෙන් Google Accounts, FB Accounts වලට අනතුරුදායකයි!
මේකෙන් සමහර ඇප් වලට අපෙන් අහන්නත් නැතුවම Su Permission දෙනවා. ඒක ලොකුම ප්‍රශ්නයක්.
මේක දැනට පාවිච්චි කරන අයට මේක අයින් කරන්න නම් සම්පූර්ණ ROM එක Wipe කරලා අලුතෙන්ම Firmware ගහන්න වෙනවා!
මේකේ PC Version එක වින්ඩෝස් වල ෆයිල් මොඩිෆයි කරනවා.
ඒනිසා...
කිසිම හේතුවකට Kingroot හෝ Kingroot PC පාවිච්චි කරන්න එපා!
(අනිත් ඇප් ගැනත් ඒකමයි කියන්න වෙන්නේ)
(අපි කිව්ව ඒවා සැකනම් VirusTotal එකෙන් මේ ApK එක ස්කෑන් කරවන්න. එතකොට පෙනේවි මේ කියපුවා හරි කියලා.)

0 Comments