මොබයිල් එකට එන ඩිස්ප්ලේ එක ගැන මොනවද ඔයා දන්නෙ.?
එහෙනං වැඩි කතා නැතුව කාරනාවට බහිමුකෝ..
දැන් ඉතින් තාක්ෂණේ දියුණුවත් ඵක්ක 4k display ඵහෙමත් smartphone කරලියට ඇවිත් නේහ්..
ප්‍රධාන වශයෙන් smartphone displays වර්ග දෙකක් තියෙනවා.. .
1. LED ( Light Emitting Diodes)
.
2. LCD (Liquid Crystal Display) මේවගෙ අනුකොටස් ගොඩාාාක් තියෙනවා. දැන් බලමු ඵ්වා.
--------------------------------------------------------------------------------------------
1. ප්‍රධාන LED display වර්ග
.
*OLED (Organic Light Emitting Diodes) නමෙන්ම තේරෙනවනෙ මේකට කාබනික හුටපටයක් තියෙනවා කියල.. ඔව් මේ display වර්ගය හදල තියෙන්නෙ විද්‍යුත් ප්‍රතිදීප්ත කාබනික සංයෝග වලින්.
මේවත් ප්‍රධාන වර්ග දෙකයි.
.
1. PMOLED (Passive Matrix OLEX) ඉතාමත් සරල සැකසුමක් මේවගෙ තියෙන්නෙ. රේඛීය විභේදනයක්( Line pixellation) නැති හින්ද Resolution ඵකත් ගොඩක් වැඩි කරන්න අමාරුයි.
.
2. AMOLED ( Active Matrix OLED) අා මේ ඉන්නෙ අපේ ගැන්සිවය පොරක් tongue emoticon මේක ගොඩක් දියුණු OLED display වර්ගයක්. රේඛීය විභේදනයක් තියෙන හින්ද Resolution සෑහෙන්න වැඩි කරන්න පුළුවන්.
.
අා ඵතකොට super-amoled කියන්නෙ??? කොටින්ම කීවොත් මේක ඵහෙන් පිටින්ම samsung-amoled. AMOLED වලට වඩා brightness 20% වැඩි කියල සහ ශක්ති පරිභෝජනය 20% ක් අඩුයි කියලා තමයි ඔ්න් samsung කට්ටිය කියන්නෙ.
.
සියලුම OLED displays වල ප්‍රධාන ගුණ කීපයක් තියෙනවා.
.
1. Vivid colors හොදට ප්‍රතිනිර්මාණය(reproduce) කරනව.
.
2. Battery Saving අතින් LCD වලට වඩා ඉදිරියෙන්.
.
3. LCD වලට වඩා brightness වැඩි. Contrast අඩුයි.
.
4. කොල වර්ණය over-saturate කරනව. ඵ් වගේම රතු සහ නිල් වර්ණ ඉක්මනින් ක්ෂය කරන හින්ද සාපෙක්ෂව කල් පැවැත්ම අඩුයි.
--------------------------------------------------------------------------------------------
2. ප්‍රධාන LCD වර්ග
.
*IPS-LCD
.
Smartphone field ඵකේ වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ IPS-LCD (In Place Switching-LCD) වඩා පැහැදිලි සහ පුලුල් කෝණික දර්ශන දෙන්න දියුණු කරපු LCD වර්ගයක්
.
*TFT-LCD (Thin Frame Transistor-LCD)
.
IPS වලට සාපේක්ෂව TFT වලින් තියුණු රෑපරාමු (sharp images) ලබා දීමේ නොහැකියාව හින්ද දැන් ටිකෙන් ටික අභාවයට යනව මේව පව්. .
.
IPS වේවා TFT වේවා LCD වල වැදගත් ගුණ කීපයක් තියෙනවා.
.
1. අවංකවම කියනව නං LED displays වලට වඩා ගොඩාාාාක් හොද රෑපරාමු දෙන්න පුළුවන් LCD වලට. ඵ්ත් Battery consumption අඩු කරන්න රෑපරාමු වල තීව්‍රතාව අඩු කරනව සාමාන්‍යයෙන්..
.
2. කල් පැවැත්ම වැඩියි.
.
3. වර්ණ නිපදවන්න වෙනමම අාලෝක ප්රභවයක් ඔ්න හින්ද සාමාන්‍යයෙන් OLED වලට වඩා ඝනකම වැඩියි.
.
4. සාපේක්ෂව Contrast වැඩියි. . .
.
ඵතකොට ඔය අැපල් අයියල මහ ලොකුවට කියවන retina කියන්නෙත් IPS වල දියුණු කරපු තාක්ෂණයක්. ඵ් වගේම ඵ්ක තනිකරම Apple ලගෙ trademark ඵකක්.
.
අැපල් හිටපු ලොක්ක steve jobs මහත්තය කියන විදියට මිනිස් අැසට උපරිම විභේදන 326ක් වගේ වෙනකං විතරයි අඳුනගන්න පුළුවන්. (මේ ගැන ලොකු විවාදයක් තියෙනවා විද්‍යා ලෝකයේ)
.
ඉතින් මේ තර්කයට අනුව දියුණු කරපු retina displays මිනිස් අැසට තනි තනිව විභේදන ලක්ෂ්‍යන් හදුනා ගන්න බැරි තරම් දියුණුයි. කොටින්ම අැපල් developers ලට අනුව retina image ඵකකයි real image ඵකකයි වෙනස සාමාන්‍ය මිනිස් අැසකට අඳුනගන්න බැරිලු..
.
මේ ප්‍රධාන display වර්ග වලට අමතරව විවිධ smartphone සමාගම් තම තමන්ගෙ trademarks විදිහට display වර්ග සහ තාක්ෂණික අංග හදල තියෙනවා.
.
1. Pure Motion HD+ displays by Nokiaසරලවම කීවොත් motion images (චලන රෑප) සුපිරියටම දෙන්නෙ මේ displays වලින්. සාමාන්‍යයෙන් 1280*768 විභේදනයක් තියන මේවගෙ ප්‍රධාන වාසිය තමා gloves(අත් පලදනා) දාගෙන වැඩ කරන්න පුළුවන් වීම.
.
#හිරැ ඵලියේ තීව්‍රතාව අනුව වර්ණ ප්‍රතිනිර්මාණය
.
#අධිකව තද කලු පැහැයක් ලබා දීම (battery Savings වලට වැදගත්)
.
#23ms වැනි අධි වේගී නැවුම්කරණ රටාවක් (freshness rate) තියෙන නිසා blur-free images ලබා දීම, මේ displays වල ගතිගුණ.
.
Nokia PureView Camera tech ඵකත් මේ displays වලට හරියන්න තමා optimize කරල තියෙන්නෙ. වගකීමෙන් කියන්න පුළුවන් motion images වලදි pure motion වලට ගහන්න retina වලටවත් බෑ..
.
2. ClearBlack filter by Nokia
.
Nokia ඵක්ක සෙල්ලං බෑ ඔ්කේ. Outdoor ඉද්දි හොදම images දෙන්න පුලුවන් මේ පෙරණය හින්ද. තාක්ෂණිකව කීවොත් මේකෙදි අාලෝක කිරන දක්ෂිනාවර්තව හරෝන ගමන් වාමාවරතව හැරෙන කිරන වලට බාධකයක් වගේ ක්‍රියාත්මක වෙනව.
.
3. Mobile Bravia (Best Resolution Audio Visual Intergreted Architecture) Engine
.
Sony සමාගමේ සාඩම්බර නිර්මාණයක් images සහ videos වල sharpness වැඩි කරන ගමන් noise අඩු කරනව.. Colours හොඳට Enhache කරනවා..
එහෙනං අදට මෙච්චරයි. ආය දවසක හොඳ ලිපියකින් ආය හම්බවෙමු.
මේ ලිපියේ සම්පූර්න අයිතිය මලිත් සෙනාල් සතුය....
0 Comments