Subscribe Us

Header Ads

මොකක්ද මේ Nokia C1

දැන් fb එකේ හැමතැනම කතාවෙන phone එකක් තමයි මේ Nokia C1. ඒත් ඒ කතාවෙන කවුරුවත් මේක ගැන හරි තොරතුරක් දන්නෙ නෑ. නිකන් අනිත් අයත් කතාවෙන නිසා තමනුත් දෙයක් දන්නවා කියලා පෙන්නන්න කතාකරනවා. ඒකනේ ඇත්ත. හා හා තරහා ගන්න එපා. විහිළුවක් කරේ 😉

මොකක්ද මේ Nokia C1...?
මේක concept phone එකක්. ඒ කියන්නෙ කාගෙ හරි අදහසකට අනුව එයාගෙ හිතේ මැවිච්ච දෙයක් එයා digital image එකකට හරවලා. මේ වගේ දේවල් ලෝකෙ ඕන තරම් තියනවා. Concept cars කියලා Google images වල Search කරලා බලන්න. ඇස් අදහගන්න බැරි car ටිකක් හම්බවෙයි. ඒත් ඒවා ඇත්තටම මේ ලෝකෙ තියන ඒවද..? නෑ, ඒවා මේ පෘතුවියෙ පවතින්නෙ නෑ. මොකද එහෙම car කවුරුවත් හදලා නැති නිසා. මේ phone එකේ කතාවත් ඒ වගේ. ගොඩක් වෙලාවට ඔය gsmarena, phone arena වගේ website කරන අය තමන්ගෙ website එකේ reaches ගාන (site එකට එන පිරිස) වැඩි කර ගන්න ඔය වගේ පොඩි tricks අනුගමනය කරනවා. එතකොට අපි ඒ sites වලට ගියාම අපිට ad පෙන්නලා උන් හම්බ කරනවා. ඒකයි වැඩේ. මේ Nokia C1 කතාව ගොඩක් ඉස්සර ඉදන් තිබ්බ එකක්. මේ ලගදි fb fun page (English) එකකින් ඕක ඇදලා ගත්තා. ඊට පස්සෙ අපේ රටේ pages වලිනුත් ඒ ගැන post දාන්න ගත්ත නිසා මේක ගැන හැමෝම කතාවෙන්න ගත්තා. ඕපදූප කියන ජාතිය ඉක්මනට පැතිරෙනවනේ. මේකත් ඒ වගේ

තව දෙයක්
මේ අවුරුද්දෙ ජනවාරි 1 ඉඳන් Nokia ලට එයාලගෙ නමින් phone හදන්න පුළුවන්. ඒත් දැන් මාස හයක් ගිහිල්ලත් එහෙම කතාවක් නෑ. මේ ලගදි Nokia එකෙන් announce කරා එයාලා ඉක්මනටම mobile phone & tablet business එකට බහිනවා කියලා. ඒත් phone එකක් ගැන තාම ආරංචියක් නෑ
තමන්ගෙම කියලා phone එකක් හදනවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්. ඒකට අළුතෙන් factories ඕන. ඒවයි වැඩ කරන්න අතුගාන කෙනාගෙ ඉඳන් software engineer වෙනකන් කට්ටිය ඕන. ඒ අයට පඩි ගෙවන්න ඕන. මේ වැඩ වලට ලොකු වියදමක්, ඒ කියන්නෙ ප්‍රාග්ධනයක් ඕන. ඒත් දැන් Nokia ලට එහෙම සල්ලි ගොඩක් නෑ. එයාලට තිබ්බ factories එකක්වත් දැන් එයාලට අයිති නෑ. ඒවා ඔක්කොම අයිති Bill මාමාට. ඒ කියන්නෙ Microsoft එකට. දැන් Nokia අයට තියෙන්නෙ networking & photography වලට සම්බන්ද business ටිකක් විතරයි. ඒත් අමතක කරන්න එපා ඒවයින් තමයි අපි පාවිච්චි කරන networks ඔක්කොම develop වෙන්නෙ. දැන් එයාලා ඊලගට එන 5th generation network (5G) ගැන පරීක්ෂණ අත්හදාබැලීම් කරනවා. ඒ අතරෙ තමන්ගෙම කියලා phone එකක් හදාගන්න අමාරුවෙන් try කරනවා. ඒ නිසා දැන්මම Nokia එකෙන් ලොකු phone හදයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒකට තව අවුරුදු 5 ක් වත් යයි. සමහරවිට මේ අවුරුද්දෙදි එයාලා පොඩි phone එකක් හදයි. Nokia asha වගේ පොඩී එකක්. ඊට වඩා දෙයක් දැනට බලාපොරොත්තු වෙන්න එපා. ලොකු අයියට තව කල් ඕන

ඒ නිසා අළුතෙන් එන්න තියන Nokia phone ගැන වැඩිය කියවන්නෙ දගලන්නෙ නැතුව දෙයියනේ කියලා කාලා බීලා නිදාගනිල්ලා 😜
ඔය concept phone ටිකයි car ටිකයි ඇත්තටම හැදුනා නන් අපි මේ වෙනකොට phone වෙනුවට holo lense එකක් දාගෙන පියාඹන car වලින් ගමන් යනවා 😊.

Post a Comment

0 Comments