අද අපි කතාකරමු Google smart lock 🔐 ගැන 😃
මුලින්ම මේ path එකේ ටිකක් ගිහින් බලන්නකෝ, එතකොට ඔයාටම තේරෙයි 😄
Settings > security > smart lock 🔐
අපි සාමාන්‍යයෙන් phone එකට දාලා තියෙන්නෙ pattern lock නැත්තන් password එකක්. සමහර වෙලාවට ඕවා ඇඳ ඇඳ ඉන්න ගියාම ටිකක් කරදරයි. ඒත් smart lock තියන නිසා වැඩේ ලේසි කරගන්න පුළුවන්. මේකෙ unlock කරන විදි 5 ක් තියනවා. ඒත් ඒවයින් ආරක්ෂිතයි කියලා මම නිර්දේෂ කරන්නෙ trusted places කියන විදිය විතරයි. මොකද වෙන කෙනෙක්ට උනත් අනිත් 4 පාවිච්චි කරලා phone එක unlock කරන්න හැකියාවක් තියන නිසා.
අපිට phone එකේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙන්නෙ ගෙදරින් එලියෙදි විතරයිනෙ. ගෙදරදි අපිට ලොකු අවුලක් නෑනෙ. ඒ නිසා අපිට පුළුවන් අපේ ගෙදර trusted place එකක් විදියට මේකෙ save කරන්න. එතකොට අපිට ගෙදරදි pattern ඇඳ අැඳ ඉන්න ඕන නෑ. Phone එක අරන් power button එක ඔබලා තත්පර ගානකින් phone එක unlock වෙනවා 😃
වැඩේ කරන්නෙ මේ විදියට ⤵
මුලින්ම මම කලින් කිව්ව path එකෙන් smart lock වලට යන්න.
Settings > security > smart lock 🔐
ඒකෙ trusted places වලට ගිහින් add trusted place එකට යන්න. ගිහින් ඔයාගෙ ගෙදර add කරන්න. දැන් වැඩේ හරි.
ඔයා power button එක එබුවම lock screen එකේ මේ වගේ 🔐 lock උන ඉබ්බෙක්ගෙ icon එකක් තියෙයි. ටික වෙලාවකින් ඒක මේ වගේ 🔓 ඇරෙයි. (Icon එක) ඉබ්බා ඇරුනා කියන්නෙ ඔයා ඉන්න තැන phone එකෙන් අඳුරගෙන ඉවරයි. දැන් සාමානය විදියට යට ඉඳන් උඩට ඇඟිල්ලෙන් තල්ලු කරන්න. එතකොට pattern or password මුකුත් අහන්නෙ නැතුව කෙලින්ම home screen 🏡 එකට යයි
Please note 📝 ⤵
මෙය Android lollipop 🍭 සිට ලබාදෙන පහසුකමකි. Android 5.0 ට වඩා පහල versions වල මෙය අන්තර්ගත නොවේ.
දැනට ඔයාගෙ phone එකේ 5.0 හෝ ඉහළ version එකක් තිබිලත් මේ smart lock පේන්න නැත්තන් මේ path එකේ ගිහින් ඒක enable කරන්න
Settings > security > trust agents
▶ මේකට GPS හැමතිස්සෙම on වෙලා තියෙන්න ඕන හැබැයි 😉
▶▶▶▶ සමාප්තයි ◀◀◀◀

0 Comments