Subscribe Us

Header Ads

Super Charge පහසුකම

Huawei සමාගමෙන් එන ආරක්ෂාව සහතික කල SuperCharge පහසුකම!

වර්තමානයේ බොහෝමයක් ස්මාර්ට්ෆෝන් වල එනවා අධිධාරිතා බැටරි. මේවට හොදම උදාහරණය හුවාවි Mate 9 එකේ තියන 4000mAh බැටරිය. ලොකුවෙලාවක් එකදිගට පාවිච්චි කරන්න පුලුවන් උනත් මෙච්චර ලොකු බැටරියක් චාජ් කරගන්නත් ලොකුවෙලාවක් යනවා.

ඉතින් ඒකට දුරකථන නිපදවන එක එක සමාගම් වලින් බැටරි වේගෙන් චාජ් කරන ක්‍රම හදුන්වල දුන්නා.

උදාහරණ විදිහට OnePlus DashCharge, Qualcomm Quickcharge වගේ ඒවා.

මේ හැම එකෙන්ම වෙන්නේ ලොකු විද්‍යුත් ධාරාවක් ඉහල විභව අන්තරයක් මගින් බැටරියට ලැබීමට සැලැස්වීම. මේ ක්‍රම වලින් මූලිකවම වෙන්නේ බලහත්කාරයෙන් බැටරියට ඉලෙක්ට්‍රෝන ඔබන එක. මේ නිසා බැටරිය රත් වීම සාමාන්‍ය දෙයක්. හැබැයි පොඩ්ඩක් වැරදුනු ගමන් සුනේ සුන්! මතකනේ Samsung Note 7 එකට වෙච්ච දේ. ඒදවස් වල විහිලුවට කිව්වේ "සැම්සුන්ග් බ්ලාස්ට් ඇට් චාජ්" කියලා.

හුවාවි සමාගමෙන් මේ වේගවත් චාජ් කිරීමේ පහසුකම හදුන්වා දුන්නේ ඔවුන්ගේ Mate9 ඇතුලු දුරකථන කීපෙකට විතරයි.

මේ SuperCharge එකේදි ඇම්පියර් 5ක ධාරාවක් වෝල්ට් 4.5ක විභව අන්තරයක් සහිතව බැටරියට ලබාදීම.
USB-C වර්ගේ පෝට් එකක් පාවිච්චි කරන නිසා අමතර Pin දෙකක් පාවිච්චි කරන නිසා අඩු වෝල්ටීයතාවක් පාවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙනවා

මේ අගයන් ටිකක්  ලොකුයි. ඒනිසා හුවාවි එකෙන් මේක ප්‍රචාරය කලේ "දිනක බලය මිනිත්තු 20න්" කියලා. ඒකතාවේ ප්‍රායෝගික බව කෙසේ වෙතත් Mate සීරීස් එක පාවිච්චි කල අය දන්නවා බැටරි කාල සීමාව හොදම ෆෝන් වලින් එකක් කියලා.

ඉතින් මේ අධි ධාරා චාජ් කිරීමේ ක්‍රමයේ ආරක්ෂාව තහවුරු කරන්න හුවාවි සමාගමෙන් TÜV Rheinland කියන සමාගම සමග එක්වෙලා තියෙනවා.

TÜV Rheinland කියනේ 1800දී ආරම්භ කල ඉහල කීර්තියක් තියන සමාගමක්. මෙයාලා කරන්නේ විදුලි උපාංග වල ආරක්ෂාව තහවුරු කරලා සහතික කරන එක.

ඉතින් මේනිසා අපිට වඩා ආරක්ෂාකාරී වේගවත් චාජින් ක්‍රමයක් හුවාවි හා හොනර් දුරකථන වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Post a Comment

0 Comments