Subscribe Us

Header Ads

App Killers

App killers වලින් බැට්‍රි ලයිෆ් එක වැඩි කරගන්න පුළුවන් ඔන්න දැන් තමයි බොහොමයක් පිරිසකගේ වල්ගය පෑගෙන ටයිම් එක. ඒක නිසා කියවලා බලන්න. තේරුනේ නෑ වගේ නම් ආයෙත් කියවන්න. හරි, අනවශ්‍ය ඇප්ස් battery savers යූස් කරල kill කරලා අපිට පවර් සේව් කරගන්න පුලුවන්. ඔව් ඇත්ත. සේව් වෙනවා. ඒත් ඇත්තටම සේව් වෙනවද? නෑ ඒකෙන් වෙන්නේ තවත් බැට්‍රි එක ඩ්‍රේන් වෙන එක. අයිසේ උඹ ගංජ ගහල කියවනවද මනුස්සයෝ..... වෙනවලු වෙන්නේ නැල්ලු. ඔන්න උඹේ හිතට ආපු දේ. කලබල වෙන්නේ නැතුව බලමු ඔය මාන්දමික සීන් එක වෙන්නේ කොහොමද කියල. ඔය බෑක් ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ගොඩක් ඇප්ස් හදල තියෙන්නෙ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ප්‍රොසෙසර් එක නෙට්වර්ක් එක යූස් වෙන්න කියල අපි දන්නවා. ඉතිං ඔය කියන ඇප්ස් කිල් කරාට ටික වෙලාවකින් ආයෙත් රන් වෙනවා. හොඳටම ගන්න පුළුවන් උදාහරණය තමයි අර ක්ලීන් මාස්ටරේ, බැට්‍රි ඩොක්ටරේ වගේ ඇප් වලින් ඇප් කිල් කරල විනාඩි 15කින් තව පාරක් ඇප් කිල් කරද්දි අර ඇප් ටික ආයෙත් කිල් වෙනව. ඒ කියන්නේ ඒ ටිකට විනාඩි 15කට කලින් කිල් කරපු ඇප් ආයෙත් බෑක්ග්‍රවුන්ඩ් එකේ වැඩ. උඹ ඔය විදිහට ඇප් කිල් කරන කරන වාරයක් පාසා ඒ ඇප් උඹට නෝන්ඩියට වගේ ආයෙත් බෑක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනව. ඉතිං කිල් කරන්නයි, ඔය ඇප් රීස්ටාර්ට් වෙන්නයි ගියාම ඒ ඇප් නිකාං කිල් නොකර ඔහේ රන් වෙන්න ඇරියම වැයවෙන බැට්‍රි ලයිෆ් එකට වඩා වැඩ් පවර් එකක් යනව කිල් කරන්නයි රීස්ටාර්ට් වෙන්නයි ගියාම. ඉතිං හොඳම දේ තමයි ඔය පාඩුවේ රන් වෙන ඇප්ස් වලට රන් වෙන්න අරින එක. ඒ වගේමයි ඔයාට ඇත්තටම නිතරම ඕනේ නැති, ඒත් හදිස්සියකට ඕන වෙයි කියල හිතෙන බෑක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප් එකක් තියෙනව නම් ඒක සෙටින්ග්ස් වල ඇප්ස් වලට ගිහින් Force Stop හරි disable කරල දාන්න. එහෙමත් නැතුව වැඩක් ගන්නෙම නැති ඇප් තියෙනව නම් මහදෙයක් නෑ uninstall කරල දාන්න. වැඩක් නැත්තම් වැඩක් නෑ. ඔන්න දැන් කට්ටිය වල්ගය පාගගෙන ඉන්නේ මේ වෙලාව වෙනකොට. විශේෂයෙන්ම රූට් යූසර්ස්ලා. නෑ නෑ, මේ උඩ ටික කියල තියෙන්නෙ Non-root යූසර්ස්ලාට විතරයි. රූට් කරපු උංට අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ Greenify, Amplify, PowerNap වගේ xposed module වලින් wakelocks, alarms හැන්ඩ්ල් කරල බැට්‍රි ලයිෆ් එක සුපිරියට ඔප්ටිමයිස් කරගන්න විදිහ ගැන. ඒක නිසා ඔයාල මේක ගැන කලබල වෙන්න එපා. ඉස්සරහට Greenify, PowerNap, Amplify දාල කොහොමද ඩිවයිස් එකේ ඉනැක්ටිව් ටයිම් එකේ පවර් කන්සම්ප්ශන් එක අඩු කරගන්නෙ කියන එක ඇප් එකෙන් එකට පෝස්ට්ස් දාල කියල දෙන්නම්. හැබැයි සමාවෙන්නෝනේ. රූට් කරල Xposed Module එක දාල තියෙන අයට විතරයි ඒක අදාල වෙන්නේ. මේ කියල තියෙන්නෙ වෙනම අපි ප්ලේස්ටෝ එකෙන් දාන ඇප් ගැන මිසක ඕඑස් එකට සෙටින්ග්ස් වල එන ලොව් පවර් මෝඩ්, පවර්සේවර්ස් ගැන එහෙම නෙවෙයි ඈ.

Post a Comment

0 Comments