Subscribe Us

Header Ads

Facebook Page එක International විදිහට හදමුද.?

 


කොහොමද අපි International Country එකකට හරියන්න අපේ Facebook Page එකක් හදාගන්නේ?


මුලින්ම මේ ගැන කතා කරන්න කලින් Facebook Pages ගැන සමහර අයගේ තියෙන මිත්‍යා විශ්වාසයක් ගැන කතා කරන්න ඕන. ඒ තමයි අපේ Page එකේ Country එක මත Reach එක Depends වෙනවා කියන කථාව.


ඇත්තටම Page එකකට Country එකක් නෑ. වෙනම IP එකක් නෑ. තියෙන්නේ Base Country එකක්. ඒ කියන්නේ ඔයා ලංකාවෙ ඉදන් Page එක Create කරා කියල හිතන්න. එතකොට Page එකේ Base එක ලංකාව කියල Facebook එකේ Algorithm මගින් Identify කරගන්නවා. මොකද යම්කිසි රටක කෙනෙක් Page එකක් හදනවා කියන්නේ ඒක ඒ අදාල රට සම්බන්දව ඇති කියල අපි ඕනම කෙනෙක්ට හිතෙන දෙයක්නේ.


ඊලගට ඔයා Page එක හැදුවම යාලුවොන්ට Invite කරනවනෙ Like කරන්න. ඔයාගේ යාලුවොත් දැන් බහුතරය ලංකාවෙ උනාම Page එකේ Audience එක බහුතරය ලංකාවෙ බවට පත් වෙනවා. ඔන්න එතකොට ඔයාගේ Base Country එක ලංකාව බවට පත් වෙනවා. ඒ ඇරුනම Admin Log වෙන්නෙ ලංකාවෙන් නිසා Page එක ලංකාවෙ කියල Facebook Algorithm මගින් Identify කරන්නේ නම් නෑ. ඒක ගොඩක් දෙනා වැරදියට හිතන් ඉන්න දෙයක්.


එතකොට මෙහෙම Base Country එක ලංකාවේ උනොත් Page එකේ Reach එක ලංකාවෙන් විතරයි එන්නේ කියල කියන්නේ බොරු කතාවක්. Reach වෙන රටවල් තීරණය වෙන්නේ Page එකේ Audience එක මත. ඒ විතරක් නෙවෙ Page එක ලංකාවෙ අයට පෙන්නන්න අවශ්‍ය නෑ කියල හිතෙනවානම් ඔයාට පුලුවන් ලංකාවෙ අයට ඔයාගේ Page එක Block කරන්නත්.


හරි දැන් අපේ ප්‍රධාන කතාවට එමුකෝ. කොහොමද වෙන රටක Audience එකක් අල්ල ගන්නේ?


මම මේක කොටස් දෙකකින් කියන්නම්. එකක් අතේ ලොකු ගානක් නැති කෙනෙක්ට කාලය වියදම් කරල Audience Buildup කරන විදිය. අනෙක් විදිය සල්ලි ටිකක් තියෙන කෙනෙක්ට සල්ලි වියදම් කරල කරගන්න විදිය.


අතේ වත නැතිනම් හෝ ඇති වෙන්න කාලය තියේනම් ඔයාට පුලුවන්,


මෙහෙම කරන්න. එක විදියක් තමා පිටරට සුදු ලස්සන ගෑනු ලමයෙක් වගේ Profile එකක් හදාගෙන ඒක Friends ල පන්දහසේ සීමාවට අරන් ඒ Account එක Page එකක් බවට හරවන එක. මෙහෙම කරල හිතන්න ඔයා USA Account එකකින් USA Friends ල 5000ක් එකතු කරන් Page එකක් කලා කියලා. ඊලගට ඒ නම තියෙන Canada Account එකක් හදලා Canadian Friends ල 5000ක් එකතු කරල ඒකත් Page එකක් කරන්න පුලුවන්. ඔන්න දැන් ඔයාට තියෙනවා Canadian Likes 5000ක Page එකක් States Likes 5000ක් තියෙන Page එකක්. දෙකම එකම නමෙන්.


දැන් Page දෙක Merge කලොත් Like කීයද? 10,000 😮


මේ විදියට දිගටම කලොත් යකෝ මරුනේ කියල හිතුනා නේ 😁


ඔව් මරු. හැබැයි ලොකු කාලයක් වගේම කට්ටක් කන්න ඕන. මොකද ප්‍රශ්න එනවා Account Block වෙන වගේ. ඉතින් ලේසි නෑ. හැබැයි බැරි නෑ.


බැරි නැති උනත් වැඩක් නෑ 😂


මොකක්ද ඒ හරුපේ?


මෙහෙමයි හිතන්න ඔයා ඔහොම Account හද හද Page වලට Convert කරල Merge කරලා කෝම හරි මිලියනේක Page එකක් හැදුවා කියල. ඒත් ඔතන ඉන්න අය එක එක අය. කැමති දේ වෙනස්. Interest වෙනස්. Behavior වෙනස්.


ඔන්න දැන් ඔයා Page එකේ Cats වගේ Topic එකක් ගැන දාන්න ගත්තා කියල හිතන්න. ඒත් Page එකේ ඉන්න හැමෝම Cat Fans ල ද? අපි හරියටම දන්නෑ නේද?


ලොකුම ගැටලුව තමා මොනා හරි Post එකක් දැම්මම Engagement Ratio එක ගොඩාක් අඩුනම් ටික ටික Reach එකත් බැහැල Page එක Dead Level එකකට එනවා. ඉතින් මෙහෙම Page එකක් හදන එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවේ ඔයාට Numbers විතරක් පෙන්නීමේ තදබල ආශාවක් නැතිනම්.


ඊලඟ විදිය තමා මොනා හරි ඔයා Page එක හදන Topic එකට අදාල Group වලට සෙට් වෙලා ඒවා ඒවල Page එක Promote කරන එක. හැබැයි මේ ක්‍රමයේදී ඔයාට ලොකු කාලයක් ඕන වෙනවා වගේම බොහොම හෙමින් තමා Page එක Grow වෙන්නෙ.


විශේශයෙන් ඔයාට සිද්ද වෙනවා Active Member කෙනෙක් වෙන්න ඒ Group වල. Idea Share කරගන්න. Content හදන්න වගේ ලොකු වැඩ ටිකක් තියෙනවා. හැබැයි මේ විදියට හදන Page එකක් Highly Targeted වගේම හොද Reach එකක් එක්ක හදාගන්න පුලුවන්.


ඊලගට සල්ලි තියෙන හෝ කාලය නැති කෙනෙක්ට,


කරන්න පුලුවන් හොදම දේ තමා Page Likes වලට Advertise කරන එක. Advertising කරනකොට පුලුවන් තරම් Target Audience එක Narrow Down කරල කරන එක තමා හොදම දේ. උදාහරණයකට අපි හිතමු ඔයා States වල Page එකක් හදනවා Real Estate ගැන. එතකොට ඔයාට Interest Targeting වලදි Zillow වගේ Site එකක් තෝරන්න පුලුවන්. ඒවගේම මුලු USA States පනහටම Advertisement Run කරනවට වඩා එක State එකකට හෝ ඊටත් පහලට ගිහින් තෝරාගත් කුඩා Suburbs වලට Advertising කරන්න පුලුවන්. මේ විදියට Likes 1000ක් විතර එකතු උනාම ඔයාට පුලුවන් සාමාන්‍ය විදියට වැඩේ කරන් යන්න.


මම ඉගෙන ගත් දේ - 


මුලින්ම Page එක හරියට Branding කරගන්න. Clear Message එකක් දෙන්න මොකක් ගැනද මේ Page එක කියල.


Post එකක් දානකොට පලවෙනි පේලියට පස්සේ නිතරම ගැලපෙන විදියට CTA එකක් දාන්න Try කරන්න. (Call To Action, Example - Like This Page)


Imoji නිතර බාවිතා කරන්න පුලුවන් ආකාරයට.


Page එකට අඩුම දවසට Post තුනක් වත් දාන්න.


Post දාලා එකක් දෙකක් Boost කරන්න දැනටම Like කල අයට පේන විදියට.


Pro Tip - මම දන්නෑ Industry එකේ අනෙක් අය කොයි තරම් දුරට මේකට එකඟ වෙයිද කියල. නමුත් මගේ අත්දැකීමෙන් මම මේ Tip එක කියන්නේ. Post තුනක් වගේ දවසට දැම්මම පැය 8 වගේ ඇතුලත සැලකියයුතු Engagement එකක් එන්නෙ නැති Post Delete කරල දාන්න. ඒක උදව් වෙනවා Engagement Ratio එක ඉහල තියාගන්න.


Page එකක Reach එක ගැන අපි වෙනම කතා කරමු. ඒක ගැන කතා කරන්න ගොඩක් දේ තියෙනවා. දැනට කියන්න තියෙන්නේ Interest එක අඩු බව පේනකොට ඒ ඒ අයට Page එක Reach වෙන එක නවතිනවා.


නිකන් මතක් කරල බලන්න ඔයාගේ සමහර යාලුවෝ ඉන්නව නේද ඉස්සර නිතර Post දාපු ඒත් දැන් Wall එකේ ආසාවටවත් දකින්න නැති?


ගිහින් එහෙම කෙනෙක්ගේ Wall එක බලන්න. දැනටත් එයා ගොඩක් Post දානවා ඇති. එහෙනම් ඇයි ඉස්සර වගේ ඔයාට පෙන්නන්නෙ නැත්තෙ? මොකද ඔයා Interest එකක් පෙන්නුවෙ නැති නිසා.


ඒවගේම මතක් කරල බලන්න ලඟදි අහම්බෙන් දැකලා Like එකක් හෝ Comment එකක් දාපු කෙනෙක් ගැන. එයා දාන හැම එකම Wall එකට එනවා නේද? ඒ ඔයා ලඟදි Interest එකක් පෙන්නපු නිසා. 


ඔය විදියටම තමා Page Reach එකත් හැසිරෙන්නේ. ඒ නිසා නිතර Engaging Post දාන්න. කාලෙන් කාලෙට දාන Post එකක් දෙකක් Page එකේ අයට පේන විදියට Boost කරන්න. පැය 6ක් 8ක් යනකොට හොඳ Engagement එකක් නැති Post Delete කරල දාන්න. සාමාන්‍යන් කරන් යනකොට ඔයාට තේරෙනවා මෙච්චර Reach වෙනකොට වෙනදට Likes මෙන්න මේ පරාසේ එනවා කියල. ඔයාගේ ඒ Benchmark එකට එන්නෙ නැති Post Delete කරල දාන්න.


ඒ වගේම Insight ගැන අවධානෙන් ඉදල Post දාන්න ඕන වෙලාවන්, හොඳට Reach වෙන Post Type ගැන එහෙම අවබෝදයක් ලබාගන්න.

Copied from:-

✍️✍️✍️ තිළිණ ගුරුගේ

Post a Comment

0 Comments